මිල්ලනිය පරගස්තොට පුද්ගලික සමාගමකට තියුණු ආයුධ රැගෙන මධ්‍යම රාත්රියේදී කඩාවැදුණ කොල්ල කල්ලියක් ආරක්ෂක නිලධාරීන් බැඳදමා වෙඩි බෙහෙත් ගබඩාව කඩා පුපුරන ද්‍රව්‍ය තොගයක් කොල්ලකා ගොස් ඇතැයි මිල්ලනිය පොලීසිය සඳහන් කරයි.
ඇමෝනියා නයිට්ට්‍රේට් කිලෝ 250 ක්, ඩෙටනේටර් 250 ක්, වොටර් ජෙල් 21ක් මෙන්ම ආරක්ෂක නිලධාරීන් සතුව තිබූ ජංගම දුරකථන හතරක් හා යතුරුපැදියක් ද කොල්ල කා ගොස් ඇතැයි පොලිසිය කියයි.
මධ්‍යම රාත්‍රී පසු වනවාත් සමගම පෞද්ගලික සමාගම පිහිටි භූමියේ පිටුපසින් පැමිණ තිබූ කොල්ලකරුවන් එහි සිටි ආරක්ෂක නිලධාරීන් සිව් දෙනාගේ අත් පා බැඳ දමා මෙම කොල්ලය සිදුකර තිබූ බව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.
කොල්ල ය සඳහා පුද්ගලයන් තිදෙනකු පැමිණි බවට ආරක්ෂක නිලධාරීන් ලබාදුන් තොරතුරුවලින් හෙළිවන බව පොලිසිය කියයි.
කොල්ලකරුවන් කොල්ල කන ලද පුපුරන ද්‍රව්‍ය රැගෙන ගිය ආකාරය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් මෙතෙක් අනාවරණය වී නැත.
මෙම වෙඩි බෙහෙත් තොගය කොල්ල කෑම ආරක්ෂාවට දැඩි තර්ජනයක් බව උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය.
පානදුර අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් ඇඟිලි සටහන් නිලධාරීන් මෙන්ම පොලිස් නිල සුනඛයන් ද යොදවා පරීක්ෂණ පැවැත්වීය
පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරී උපාලි තලගල මහතාගේ උපදෙස් මත මිල්ලනිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ විජේතුංග මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ/ පානදුර සුමිත් පොතුපිටිය