මියන්මාරයේ මියාවඩි ප්‍රදේශයේ ත්‍රස්ත කල්ලියකගේ ග්‍රහණය යටතේ සිටින මෙරට තරුණයන් 56 දෙනා බේරා ගැනීම සඳහා ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ගේ විශේෂ සංදේශයක් රැගෙන මියන්මාරය බලා යාමට බලාපොරොත්තු වන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පවසයි.
ඒ මහතා ඊයේ (29) මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැකඒ හා සම්බන්ධ සන්දේශයසකස් කිරීම සම්බන්ධයෙන් මූලික සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ පවසා සිටියේ අමරපුර සහ රාමඤ්ඤ නිකා මහානාහිමිවරුන්ද බැහැදක ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි .
ශ්‍රී ලංකාව සහ මියන්මාරය බෞද්ධ රටවල් දෙකක් බැවින් ත්‍රෛනිකායික මහා නා හිමිවරුන්ගේ සංදේශය එරට මහනායක හිමියන්ට පිළිගන්වා ඒ හරහා එරට හමුදා පාලකයන් දැනුවත් කොට එම තරුණයන් බේරා ගැනීම සඳහා එරට රජයේ මැදිහත්වීමක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා මහතා මාධ්‍ය හමුවේ පැවසීය .
මියන්මාරයේ අනූනායක හිමියන්ද මේ වන විටත් එම කටයුත්ත සඳහා සම්බන්ධ කරගෙන තිබෙන බව පැවසූ මන්ත්‍රීවරයා එරට තනාපතිවරයා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයද දැනුවත් කොට රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් තුළින් එම දරුවන් බේරා ගැනීම සඳහා පියවර ගනිමින් තිබෙන බවද පැවසීය .