උරුමය වැඩසටහනට සමගාමීව රජයේ ඉඩම් සඳහා සින්නක්කර ඔප්පු ලබාදීමේ බණ්ඩාරගම බමුණු මුල්ල සේවා පියසේ පැවැති ජංගම වැඩසටහන අවස්ථාවේදී ඉඩමක තනි අයිතිය ඉල්ලා එම ස්ථානයට කඩා වැදි නිලධාරීන්ට බැණ වැදී පහරදීමට උත්සාහ කළ බව කියන පුද්ගලයන් දෙදෙනකුට එරෙහිව පැමිණිල්ලක් ලැබී ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි
එම එක් පුද්ගලයෙකු කලායතනයක් පවත්වාගෙන යන්න නර්තන ශිල්පීයෙකි. අනෙක් පුද්ගලයා ඔහුගේ සමීපතම ගෝල නර්තන ශිල්පියා බව දැනගන්නට ඇත
මීට වසරකට පමණ ඉහතදී මියගිය එක් පුද්ගලයෙකුගේ මිත්තණියට කිම්මන්තුඩාව ප්රදේශයේ අයිතිව තිබූ ඉඩමක් කොටස් දෙකකට වෙන්කර එම පුද්ගලයාට සහ ඔහුගේ වයස අවුරුදු 18 අඩු බාල සහෝදරයා වෙත පසු අයිතිය නම් කර තිබී ඇති බව පොලිසිය කියයි
මිත්තණිය මිය යාමෙන් අනතුරුව එහි මුල් ඔප්පුව ගෝල නර්තන ශිල්පියාගේ මව භාරයේ තිබී ඇති අතර ඇය බාල පුතුට ඇති ආදරය හේතුවෙන් ගෝල නර්තන ශිල්පී පුතුට මුල් ඔප්පුව ලබාදීම ප්රතික්ෂේප කර ඇති බව දැනගන්නට ඇත.එයට හේතු වී ඇත්තේ ඔහු මුළු ඉඩම ම ඔහුගේ නර්තන ආචාර්යවරයාට විකිණීම සඳහා සැලසුම් කර ඇති බවට ඇය වෙත දැනගැනීමට ලැබීම නිසාය
ඉකුත් 27 වෙනිදින ගෝල නර්තන ශිල්පියා බණ්ඩාරගම ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශයේ නිලධාරීන් විසින් අටුලුගම බමුණු මුල්ල සේවා පියසේ උරුමය වැඩසටහන යටතේ පැවැත්වූ රජයේ ඉඩම් සඳහා සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහන අතරතුරදී නර්තන ආචාර්යවරයා සමග එම ස්ථානයට කඩා වැදී ඉඩමේ තනි අයිතිය තමන්ට ලබාදෙන ලෙස පවසමින් එහි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් බැණ වැදී පහර දීමටද තැත් කල බව සංවර්ධන නිලධාරියකු ඔවුන් දෙදෙනා එලෙස නිලධාරීන්ට තර්ජනය කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශනද පොලිසිය වෙත පැමිණිල්ල සමග ඉදිරිපත් කර ඇත.
මේ පිළිබඳ බණ්ඩාරගම ප්රාදේශීය ලේකම් දිස්නා ජයසිංහ මහත්මියගෙන් විමසීමේදී පැවසුවේ
"ඔව් එවැනි සිද්ධියක් වෙලා තියෙනවා රජයේ සේවකයන් ඉන්නේ ජනතාවගෙන් පරුෂ වචනයෙන් බැනුම් අහන්නයි ගුටි කන්නයි නෙමෙයි එම ස්ථානයට ගියේ ජනතාවට සේවය කරන්නයි." යන්නයි.
ඒ අනුව හෙට (01) දින එම නර්තන ශිල්පීන් දෙදෙනාට බණ්ඩාරගම පොලිසිය ඉදිරියේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.
බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි