තමන් බලයට පැමිණිය හොත් තම පාක්ෂිකයන්ට යම් අධිකරණ බලයක් ලබාදෙන බවට ජනතා විමුක්ති පෙරමුණ කරනු ලබන ප්‍රකාශයෙන් තහවුරුවන්නේ කැලෑ නීතිය යලි ගම්වල ස්ථාපිත කිරීමට ඔවුන් සූදානමින් සිටින බව යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා පවස්න්නේ 88/89 යුගයේදී මිනිසුන් මරමින් ජ.වි.පේ ගම්වල කැලෑ නීතිය ක්‍රියාත්මක කළ අයුරු ජනතාවට හොඳට මතකයේ ඇති බවයි.
අන්තවාදී කණ්ඩායම් වලට බලය ගියහොත් නැවත එවැනි භයංකාර යුගයක් බිහිවවු ඇති බැවින් ජනතා විමුක්ති පෙරමුණේ මෙම කතාව කිසි ලෙසකින්වත් විහිළුවට නොගත යුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
" අපි මිනිස්සු ගැන හිතල වැඩ කරන කොට අපේ විරුද්ධවාදීන් තමන්ගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කළා. ඔවුන් විදේශවලට ගිහිල්ල කිව්වා ලංකාවට සල්ලි එවන්න එපා කියලා. සංචාරක ව්‍යාපාරය කඩා දමන්න කටයුතු කළා. විශේෂයෙන්ම සංචාරකයන් අරගල තියෙන, කෝලහාල තියෙන රටවලට එන්න කැමති නෑ.
ඊනියා අරගලය නිසා සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන් කඩා වැටුණා. මිනිස්සු සාමකාමී අරගලයක් පටන් ගත්තා. නමුත් විපක්ෂය ඒකෙන් අයුතු ප්‍රයෝජන ගත්තා.
අපිට ඉතාම කෙටි කලකින් සංවර්ධන අභියෝගය ජයගන්න පුළුවන් වුණේ ජනතාව කළ කැපකිරීම නිසයි. ඉදිරි වසර දෙක මීටත් වඩා හොඳ වෙයි.
මිනිස්සු කියන්නේ මැතිවරණ නොතියා තවත් වසරක් දෙකක් මෙහෙමම යමු කියලා. නමුත් ව්‍යවස්ථානුකූලව අපිට එහෙම වැඩකරන්න බැහැ. ඒ නිසා නියමිත කාලයේදී ජනාධිපතිවරණය තියනවා. "