ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 08 වන සෙනසුරාදා
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග යුක්රේන රට වැසියන් 368000කට රට අතහැර ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම කියයි. ගැටුම ආරම්භයේ සිට 150,000 කට වැඩි පිරිසක් පෝලන්තයට ඇතුළු වී ඇත.
රුසියාව සඳහන් කරන පරිදි බෙලාරුස්හි අගනුවර වන මින්ස්කිහිදී තමන් සාකච්ඡා සඳහා සූදානම් නැති බව යුක්රේන ජනපති සෙලෙන්ස්කි පවසයි. බෙලාරුස්හි සිට රුසියාව යුක්රේනයට පහර නොදුන්නානම් එහිදී සාකච්ඡා පැවැත්වීම යථාර්තයක් වීමට අවස්ථාව තිබුණ බව යුකරේන ජනපතිවරයා පැවැසීය.
මින්ස්ක් හැර වෙනත් නගර සාකච්ඡා සඳහා භාවිත කළ හැකි බවත් ඔහු පවසයි. මේ අතර සාකච්ඡා සඳහා රුසියානු නියෝජිත පිරිසක් මින්ස් වෙත පැමිණ ඇති බවටද තොරතුරු වාර්තා කරයි.
“ඇත්ත වශයෙන්ම අපට සාමය අවශ්‍යයි, අපට හමුවීමට අවශ්‍යයි, අපට යුද්ධය අවසන් කිරීමට අවශ්‍යයි. වෝර්සෝ, බ්‍රැටිස්ලාවා, බුඩාපෙස්ට්, ඉස්තාන්බුල්, බකු යන නගර අපි සාකච්ඡා සඳහා යෝජනා කරනවා. අප වෙත මිසයිල එල්ල නොකළ ඕනෑම නගරයකදී සාකච්ඡා පැවැත්වීමට අපි සූදානම්. සාකච්ඡාවලට අවංක විය හැකි අතර යුද්ධය සැබවින්ම අවසන් කළ හැක්කේ ඒ ආකාරයෙන්." යැයි ඔහු පවසයි.
රුසියානු හමුදා යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන Kharkiv වෙත ඇතුළු වී ඇති බව ප්‍රාදේශීය බලධාරීහු පවසති.
Kharkiv ප්‍රාදේශීය පරිපාලනයේ ප්‍රධානී Oleg Sinegubov පැවසුවේ සැහැල්ලු හමුදා වාහන "නගරයට කඩා වැදී ඇති" බවයි.
රුසියානු හමුදා නගර මධ්‍යයේ සිටින බව පවසමින් සිනෙගුබොව් මහතා නිවැසියන්ගෙන් ඉල්ලා සිටියේ ඇතුළත රැඳී සිටින ලෙසයි.
"ආවරණවලින් පිටව නොයන්න! යුක්රේනයේ සන්නද්ධ හමුදා සතුරා පළවා දමනු ඇති. සිවිල් වැසියන්ට වීදිවලට නොයන ලෙස ඉල්ලා සිටිනවා"
යුක්රේනයේ දකුණේ නගරයක් රුසියාව විසින් අත්පත් කරගෙන ඇති බව යුක්රේන මාධ්‍ය වාර්තා කරයි.
රුසියානු හමුදා දැන් Nova Kakhovka නොහොත් New Kakhovka අල්ලාගෙන සිටිති. එය කුඩා නගරයක් වන නමුත් ක්රිමියානු අර්ධද්වීපයට සෘජුවම ජල මාර්ග සපයන ඩිනිපර් ගඟේ උපායමාර්ගිකව පිහිටා ඇත.
එහි නගරාධිපති Volodymyr Kovalenko වාර්තා කර ඇත්තේ රුසියානු හමුදා විසින් නගරයේ විධායක කමිටුව අල්ලාගෙන ඇති අතර ගොඩනැගිලිවලින් යුක්රේන ධජ සියල්ල ඉවත් කර ඇති බවයි.
යුක්රේනය හා රුසියාව අතර පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මිය ගිය කුඩාම දරුවා පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.
දෙරටේ ආරක්ෂක හමුදාවන් අතර වෙඩි හුවමාරුවට මැදිවූ අවුරුදු 06ක දරුවෙක් මේ අනුව මියගොස් තිබේ.
රුසියාව හා යුක්රේනය අතර ඇතිව තිබෙන යුධමය තත්ත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 240 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය කියයි.
යුක්රේනයේ ප්‍රධාන නගර කිහිපයකම මේ වන විට දැඩි සටන් ක්‍රියාත්මක වෙමින් පවතී.
නිවාස හා තීරණාත්මක යටිතල පහසුකම් වලට හානි වීම නිසා සිය ගණනකට ජලය සහ විදුලිය සඳහා ප්‍රවේශය නොමැති වී ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
යුක්රේන ජාතිකයන් 160,000කට අධික පිරිසක් මේ වන විට අභ්‍යන්තරව අවතැන්ව සිටින අතර ජාත්‍යන්තර දේශසීමා හරහා පලා යාමට උත්සාහ කරන බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
යුක්රේන රජය ඇස්තමේන්තු කරන්නේ රුසියානු ආක්‍රමණය හේතුවෙන් සරණාගතයින් මිලියන පහක් පමණ ඉතිරි විය හැකි බවයි.
කිලෝමීටර් 15ක් (සැතපුම් 10ක්) දක්වා පෝලිම්වල ජාත්‍යන්තර දේශසීමා තරණය කිරීමට යුක්රේනුවන් පෙළ ගැසී සිටියි.
popular news
මාස 9න් පිදුන පොල් පැලය
හොරට වී කිරූ ව්‍යාපාරිකයා ගොවින්ගේ අතටම අසුවෙයි
ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර රජයේ තනතුරක් නෙමෙයි
සජබට ආයේ ජනපතිවරණයකට එන්න බෑ
රටවල් හතරක භික්ෂූන් වහන්සේලා තිස්ස සිට යාපනයට පා ගමනක් අරඹති
වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා මිල ගණන් මෙන්න
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd