මිදිගම ගොවියාපාන පාලම අසලදී ඊයේ( 19) මාළු ව්‍යාපාරයේ නිරත පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයන් දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හෙරොයින් මත් කුඩු මිලිග්‍රෑම් 11500 ක් හා ත්‍රිරෝද රථයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
පොලිස් විශේෂ කාර්ය බලකා පුෂ්පාරාම උප කඳවුරේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ නිලධාරීන් විසින් පෙරේදා (19) සවස මිදිගම පොලිස් වසමේ දිගරැද්ද හා හාතපැලෑන ප්‍රදේශවලදී කෝට්ටේ හා අගුලුගහ ප්‍රදේශවල පදිංචි කරුවන්වු 38 හා 30 වියැති මොවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය .
මෙයින් එක් සැකකරුවෙකු වෙඩික්කරුවන්ට රැඳී සිටිමට නවාතැන් ලබා දී ඇති බවත් අනෙක් සැකකරු වෙඩික්කරුවන් ත්‍රිරෝද රථයෙන් ප්‍රවාහනය කර ඇති බව අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.
ඊයේ (19)නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණ මිදිගමදී සිදුකර තිබූ මෙම වෙඩි තැබීමෙන් මාලු ව්‍යාපාරිකයෙකුවූ මිදිගම දේනුවල පදිංචිව සිටි විජේසේකර ගමාච්චිගේ කැලුම් චතුරංග නැමති 38 හැවිරිදි දෙදරු පියෙකු මියගොස් වෙඩි තැබූ ස්ථානයේ සිටි තවත් දෙදෙනෙකු වෙඩි වැදී තුවාල ලබා රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පැවසීය.
සැකකරුවන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා විශේෂ කාර්ය බලකාය මගින් මිදිගම පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති අතර සැකකරුවන් සම්බන්ධව වැඩිදුර විමර්ශන ආරම්භකර කර ඇති බව මිදිගම පොලීසිය පැවසීය.
ජේ.ඉඳුරුවගේ