මැලේසියාවේ පැවති " පෙස්ටා " ආරාධිත හොකී තරගාවලියට සහභාගී වූ ශ්රී ලංකා පාසැල් වයස අවුරුදු 18 න් පහළ කාන්තා මෙරූන් කණ්ඩායම , එහි ශූරතාවය දිනා ගෙන 12/26 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
තරගාවලිය මැලේසියාවේ ෆිනෑන්ග් නුවර ඉකුත් 12/20 දින සිට 12/22 දින දක්වා පවත්වා තිබුණි .
තරගාවලිය සදහා ශ්රී ලංකාව නියෝජනය කරමින් පාසැල් හොකී සංගමයේ ක්රීඩක ක්රීඩිකාවන් 68 දෙනෙකු සහභාගී වී සිටියහ .
ශ්රී ලාංකික හොකී ක්රීඩක ක්රීඩිකාවන් පිරිස 12/26 දින පස්වරු 04.00 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 315 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් පිළිගැනීම සදහා මෙම ක්රීඩක ක්රීඩිකාවන්ගේ දෙමාපියන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

