ශ්‍රී ලංකාවේ විදෙස් ගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාව වෙත එවන ප්‍රේෂණ අප්‍රේල් මාසයට සාපෙක්ෂව මැයි මාසයේදී සැලකිය යුතු තත්ත්වයකින් ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත් මෙම වර්ෂයේ මැයි මාසයේදී ශ්‍රී ලංකාවට ලැබුණ විදෙස් ප්‍රේෂණ 2021 වසරේ මැයි මාසයට සාපෙක්ෂව තවමත් පහළ මට්ටමක පවතී.
ශ්‍රී ලාංකික විදේශිකයන් මැයි මාසයේදී ප්‍රේෂණ ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 304.1ක් යොමුකර ඇති අතර අප්‍රේල් මාසයේදී එම අගය ඇමෙරිකානු ඩොලර් මිලියන 248.9 ක් විය. 2021 වසරේදී මැයි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 460.1ක විදෙස් ප්‍රේෂණ ලැබී තිබුණි.