අපරාධ නඩු විධාන සංග්‍රහයට සංශෝධනය සඳහාවූ පනත් කෙටුම්පත මගින් මැතිවරණයකදී අල්ලස් දීම ඇතුළු වරදවල් කීපයක් සඳහා පනවා ඇති දඩ මුදල් ප්‍රමාණයන් ඉහල නැංවීමට යෝජනා කර ඇත.
ඒ අනුව ඡන්ද විමසීමකදී අල්ලස් දීමේ වරදට පනවා තිබූ රුපියල් 500 දඩය රුපියල් මිලියනය දක්වාද සංග්‍රහ කිරීමෙන් අල්ලස් දීමේ වරදට පනවන රුපියල් 200 දඩය රුපියල් 750,000 දක්වාද ඉහල දැමීමට මෙම කෙටුම්පත මගින් යෝජනා කරයි.
එමෙන්ම ඡන්ද විමසීමකදී අයුතු බලබලපෑම් කිරීමේ වරදට පනවන රුපියල් 500 දඩය රුපියල් 100,000 දක්වාද වෙනත් අයෙකුගේ නමින් පෙනී සිටීමේ වරදට පනවන රුපියල් 300 දඩය රුපියල් 100,000 දක්වාද ඡන්දයකදී ගනන් හිලව් තැබීම පැහැර හැරීමේ වරදට පනවන රුපියල් 300 දඩය රුපියල් 100,000 දක්වා ඉහල නැංවීමටද මෙමගින් යෝජිතය.
1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ තවත් වගන්ති රැසක් සංශෝධනය කිරීම සඳහාවූ එම පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ අත්සනින් හා ඉකුත් 19 දාතමින් යුතුව ගැසට් කර ඇත.
නවෝද්‍යා පවනි/ ජේ. ඉඳුරුවගේ