1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහා දේශපාලන පක්ෂ වෙත ලබාදුන් ලකුණු සඳහන් කර මැතිවරණ කොමිෂන් සභාව 2023 ජනවාරි 16 දින නිකුත් කළ අති විශේෂ ගැසට් පත්රය සංශෝධනය කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් 2024 ජූලි 29 දාතමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කරයි.
ඒ අනුව මේ වන විට පිළිගත් දේශපාලන පක්ෂ 84 වෙනුවෙන් වෙන් කර දුන් ලකුණු 84 මෙම ගැසට් නිවේදනය මගින් ප්රකාශයට පත් කර ඇත. කුකුළා ,නාගයා සහ ඔටුවා ඇතුළු ලකුණු ඒ අතර වේ. එමෙන්ම තවමත් දේශපාලන පක්ෂ වෙත ලබා නොදුන් අනුමත ලකුණු ගණන 115 කි. ටොෆිය,එළදෙන,ඉස්සා,පොකිරිස්සා,කකකුළුවා,කැරට් අලය ,කිඹුලා,ඉබ්බා සහ බකමූණා,වවුලා ,කැස්බාවා යන ලකුණු එලෙස ලබා දී නැති ඉදිරියේදී බිහිවෙන පක්ෂ වෙත ලබා දීමට අනුමත කර ඇති එම ලකුණු 115 ට අයත්වේ.