මැතිවරණ වියදම් නියාමන පනතට අනුව පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් 1,239ක් පිළිබඳව පොලීසිය නෛතික කටයුතු ආරම්භ කර තිබේ.
අදාළ වාර්තා නියමිත දිනට භාර නොදුන් අපේක්ෂකයන් 1,042කගේ හා පක්ෂ ලේකම්වරුන් හා ස්වාධීන කණ්ඩායම නායකයන් 197ක් පිළිබඳව විස්තර වාර්තාවක් මැතිවරණ කොමිෂන් සභාව විසින් පොලිස්පතිවරයා වෙත යොමු කර ඇත.
මේ අනුව වගඋත්තරකරුවන්ට අදාළ මැතිවරණ කොට්ඨාසවල අයත් පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශ මගින් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිගේ අධීක්ෂණ යටතේ විමර්ශන ආරම්භ කිරීමට පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබා දී තිබේ.
මේ අනුව කොට්ඨාස භාර නිලධාරීන් විසින් මේ මස 31වන දිනට ප්‍රථම එකී විමර්ශනවලට අදාළ උද්ධෘත සකස් කර නීතිපති උපදෙස් ලබා ගැනීමට යොමු කරන ලෙස පොලිස්පතිතුමා විසින් සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට හා කොට්ඨාස භාර නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ප්‍රකාරව, මැතිවරණයක ප්‍රතිඵල නිකුත් කර දින 21ක් ඇතුළත අපේක්ෂකයාගේ ආදායම් හා වියදම් වාර්තා මැතිවරණ කොට්ඨාසයේ තේරිම් භාර නිලධාරීන් වෙන භාර දිය යුතු වේ.