මහමැතිවරණ ප්රතිඵල අනුව තවදුරටත් සතුටට පත්වන හෝ කම්පාවට පත්වන කණ්ඩායම් දෙකක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු ප්රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“මා හිතන්නේ නෑ කිසිදු පුරවැසියෙක් බෙදීමේ දේශපාලනය විශ්වාස කරයි කියලා. මා හිතන්නේ නෑ ලංකාවේ කිසිදු දේශපාලකයෙක් ප්රජාතන්ත්රවාදය අකුලන එක විශ්වාස කරයි කියලා. මේ ආදී යහපත් දේ සෑම පුරවැසියෙක් තුළම ගැබ් වී තිබෙනවා. තවදුරටත් මේ මැතිවරණයෙන් සතුටට පත්වෙන කණ්ඩායමක් සහ මේ මැතිවරණයෙන් කම්පාවට පත්වෙන කණ්ඩායමක් කියලා කණ්ඩායම් දෙකක් මේ රටේ නෑ. ”