කතරගම මැණික් ගඟේ 02 පාලම ආසන්නයේ දිය නාමින් සිටියදී කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබූ බව කියන පුද්ගලයෙකු ගේ මළ සිරුරක් සොයාගත් බව කතරගම පොලීසිය කියයි.
මැණික් ගඟේ ඊයේ ( 6) දිය නෑ පුද්ගලයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගිය බවට පොලීසියට වාර්තා වීමෙන් පසු ඒ සම්බන්ධව ජීවිතාරක්ෂක නිලධාරීන් හා වනජීවී නිලධාරීන් විමර්ශනයක් සමග පරීක්ෂණ පවත්වා ඔහුගේ මළ සිරුර සොයාගත් බව පොලීසිය කියයි.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර වයස අවුරුදු 30ත් 35ත් අතර පුද්ගලෙයෙකුගේ බව කිවහැකි මේ මළ සිරුර දෙබරවැව රෝහලේ තබා ඇති බව පොලීසිය පැවසීය.
මැණික් ගගේ මේ දිනවල කිඔුලන් බහුලව ගැවසෙන බැවින් මෙම කතරගම වන්දනා සමයේ දිය නෑමේ දී ප්‍රවේසම් වන ලෙස පොලීසිය මහජනතාවට දන්වා සිටී.
ජේ.ඉඳුරුවගේ