මැණික්හින්න, මල්පාන ප්රදේශයේ දී අද (08දා) අළුයම සිදුවූ අනතුරකින් තරුණයින් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල තිබූ කොන්ක්රිට්ගල් ගොඩක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ කැබ් රථයේ රියදුරා හා එහි ගමන් ගත් තරුණයින් තිදෙනෙකු ජිවතක්ෂයට පත්ව තිබේ.
මියගොස් ඇත්තේ ත්රිකුණාමලය, උහන හා මහියංගනය යන ප්රදේශවල පදිංචිව සිටි අවුරුදු 17ත් 19ත් අතර වයසේ පසු වූ තරුණයික් සිව් දෙනෙකුය.