ශ්රී ලංකා නාවික හමුදාව ඊයේ (16දා) යාපනය, උතුරු මුහුදේ මන්ඩතිව් දූපතට දකුණු ප්රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගන්නා ලදි .
සැක සහිත ඩිංගි යාත්රාවක් නිරීක්ෂණය කර එය පරීක්ෂා කිරීමේදී ගෝනි මලුවල කුඩා පාර්සල් වශයෙන් අසුරා තිබූ කේරළ ගංජා කිලෝග්රෑම් 164 කට අධික තොගයක් සොයා ගන්නා ලද අතර, එහිදි එම කේරළ ගංජා තොගය, ඩිංගි යාත්රාව සහ එහි සිටි සැකකරුවන් දෙදෙනෙක් (02) ද නාවික හමුදා භාරයට ගන්නා ලදි.
නාවික හමුදා භාරයට ගන්නා ලද සැකකරුවන් යාපනය, ප්රදේශයේ පදිංචිකරුවන් වන අතර ඉදිරි විමර්ශන කටයුතු සඳහා යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකරයි.
ශ්රී ලංකා නාවික හමුදාව පසුගිය මාස හත තුළදී පමණක් සිදු කරන ලද මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝ 3376 කට අධික ප්රමාණයක් භාරයට ගැනීමට සමත් වී ඇත.