මෙම වර්ෂයේ ගෙවී ගිය මාස 11 තුළ ( ජනවාරි සිට නොවැම්බර් දක්වා) කොළඹ නගර සීමාව තුළ පමණක් ගිනි ගැනීම් 268 ක් සිදු වී ඇතැයි කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ පාලන මැදිරි භාර නිලධාරී කේ. පි. ආර් . නානයක්කාර මහතා පැවසීය.
එම ගිනිගැනීම් පාලනය කිරීමට අමතරව පුද්ගලයින්ගෙන් සහ සත්ත්වයින්ගේ ජීවිත ගලවා ගැනීම් 37 ක් හදිසි ආපදා අවස්ථාවන් 54 ක් මෙන්ම ගිලන් රථ සේවාවන් 65 ක් සිදු කරඇත.
එම කාලය තුළදී ප්රාදේශීය ගිනි නිවීම් සේවා නිලධාරී රෝහණ නිශාන්ත සේනානායක මහතාගේ නියමයෙන් සියලුම කාර්ය මණ්ඩලය එම සියලුම කර්තව්යන් සිදුකිරීම සඳහා දායකත්වය ලබා දී ඇතැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.