2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 608,475 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
එසේම මාර්තු 01 සිට 27 දක්වා කාලය තුළ දී විදෙස් සංචාරකයින් 181,872 ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
සමස්තයක් ලෙස 2024 ජනවාරි 01 සිට මාර්තු 27 දක්වා කාලසීමාව තුළ මෙරටට පැමිණ ඇති ඉන්දීය සංචාරකයින් සංඛ්‍යාව 92,644 ක් සහ අතර රුසියානු සංචාරකයින් ප්‍රමාණය 88,301 ක් ලෙසින් වාර්තා වී ඇත.