ක්‍රිකට් ආයතනයේ ප්රශ්නය ඉවර මෙවර නොවුනොත් මීළඟ ජනාධිපතිවරණයේ දී කොහොමත් එය ඉවර කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"මට ඕන මේක ඉවර වෙන්න. විගණන වාර්තාව අනුව ඔප්පු වූ හොරකම් කරපු තක්කඩි දූෂිත රැළ ගෙදර යවන්න. ක්‍රිකට් එක පල්ලෙහාට දාපු දූෂිත රැලට ඒ වගකීම පවරන්න. ඒක දැන් කරන්න බැරිනම් මීළඟ ජනාධිපතිවරණයේදී හරි කරනවා" යනුවෙන්ද රොෂාන් රණසිංහ මහතා පැවසීය.
ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සමුළුවට ගිහින් කිව්වේ මොකක්ද? දූෂණය නැති කරන්න ඕන කිව්වා. එහෙනම් දූෂණය නැති කරන්න කටයුතු කරන මට එරෙහිව කටයුතු කරන්නෙ ඇයි? මම හැමදාම රොෂාන් රණසිංහ. ඇමතිවරයෙකු විදිහට මගේ ආරක්ෂාව කොහොමද?මගේ ආයතනය වටලන්න විධායකයේ මැදිහත්වීම ගැන කණගාටු වෙනවා.
අවශ්‍ය නම් යතුරු ටික ඔක්කොම දෙන්නම්. පරික්ෂා කරන්න. මට ජීවත්වීමේ අයිතිය ලබා දෙන්න. මගේ බිරිඳ දරුවො වෙනුවෙන් මට ජීවත්වීමේ අයිතිය ලබා දෙන්න.සරණාගත වීසා එකක් ඉල්ලගෙන වෙනත් රටකට පනින්න මම සූදානම් නැහැ.
සරණාගත රැකවරණ දෙන්න කියලා මම යන්න සූදානම් නැහැ. මා මහමග මරලා දාන්න පුළුවන්. ඒක හෙට ද? අද ද? අනිද්දා ද? කියලා දන්නේ නැහැ. ඒකට ජනාධිපති ඉඳලා සාගල රත්නායක දක්වා වගකියන්න වේවි.
මේවා හැන්සාඩ් එකෙන් කපන්න එපා. 134 ක් ඡන්දය දුන්නේ මේ විදිහට අපෙන් පළිගන්නද?ඒ ප්රශ්නය තියෙනවා. දූෂණ අක්‍රමිකතා වලක්වන්න ක්‍රීඩා පනතින් ඇමතිට බලතල දීලා තියනවා. බලන්න විගණන වාර්තාව.විගණන වාර්තාවේ දූෂණ බලන්න. අපිට හොරු රකින්න බැහැ." ක්‍රීඩා අමාත්‍යවරයා කීය.