මෙවර පාර්ලිමේන්තුවට ජාතික ජනබලවේගයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් 159දෙනාගේ වැටුප් ජාතික ජනබලවේගයේ පොදු අරමුදලට බැර කිරීමට සියලුම මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් එකඟතාව පළ කර තිබේ.
ඒ අනුව ඔවුන්ගේ පාර්ලිමේන්තු වැටුප පුද්ගලික වැටුප් ගිණුමෙන් පොදු අරමුදලට බැර වන ලෙස කටයුතු සැලසීමට නියමිතය. මේ සඳහා වූ එකඟතාව ලබාදෙන ලේඛනයට ද සියලුම මන්ත්‍රීවරුන් අත්සන් තබා ඇති බව වාර්තා විය.
එම පොදු අරමුදලේ මුදල් පූර්ණ කාලීන දේශපාලනයේ නිරත අයගේ සුබසාධනය හා පොදු ජනතාව වෙනුවෙන් සිදු කරන සුබසාධන කටයුතු සඳහා යෙදවීමට නියමිතය. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට, පළාත් සභාවට හා පළාත් පාලන ආයතනවලට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ වැටුප් ද මෙලෙස පොදු අරමුදලකට බැර වූ අතර, ජාතික ජනබලවේගය තුළ ද එම සම්ප්රදාය අනුගමනය කිරීමට තීරණය කර ඇත.