ජාතික ජන බලවේගයේ මහ ලේකම් හා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාට අයත් සුඛෝභෝගී මෝටර්රථය ඊයේ (26) සවස පාර්ලිමේන්තු පරිශ්‍රයේ ජල පොකුණට වැටීමෙන් අනතුරට ලක් වූ බව පාර්ලිමේන්තු පොලිසිය පවසයි.
අනතුරට ලක්වන අවස්ථාවේදී මන්ත්‍රීවරයා එහි සිට නැතැයි පොලිසිය කියයි. නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන වැඩමුළුව සඳහා සහභාගී වීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා රැගෙන යාම සඳහා රියදුරු පැමිණි අවස්ථාවේදී මෝටර් රථය ජල පොකුණට වැටී ඇතැයි පොලිසිය කියයි.
පොකුනට වැටුණු මෝටර් රථය පාර්ලිමේන්තු පොලිසියේ නිලධාරීන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් කබ යොදා ගොඩට ගැනීමට කටයුතු කර ඇත.සිදුවූ අනතුරින් මෝටර් රථයට බරපතල අලාභ සිදුවී ඇත.
අධික වර්ෂාව හේතුවෙන් මාර්ගයේ නිසි පරිදි නොපෙනී යාම හේතුවෙන් මෙම අනතුර වන්නට ඇතැයි පොලිසිය සැක කරයි.