ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙස එළි දක්වා ඇත්තේ ˝දුප්පත් රටක් කටුක ජිවිතයක්˝ වෙත ගමන් කරන මාර්ගයක් යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඔහු මේ බව සදහන් කර සිටියේ කොළඹදී ඊයේ (26දා) පැවති ‟පුළුවන් ශ්‍රී ලංකා" මාධ්‍ය හමුවට එක්වෙමිනි.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්රකාශනය මහපොළොව යථාර්ථයක් නොවන පැතුම් මල්ලක් පමණකැයි එහිදී කී සේමසිංහ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.
“දේශපාලන පක්ෂ රට ඉදිරියට ගෙනියන තමන්ගේ ප්‍රතිපත්ති එළිදක්වමින් ජනතාව බලන් ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්රකාශනය මහපොළොව යථාර්ථයක් නොවන පැතුම් මල්ලක් විතරයි. කියන්න කණගාටුයි. ඒ අය විවිධ ප්‍රතිසංස්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව කියනවා.
දැනට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ රජය ක්‍රියාත්මක නොකළ දෙයක් තියෙනවාද කියලා මම බැලුවා. මේ තරම් කොපි කරලා, අනුන් කරන දෙයක් තමන්ගෙ දෙයක් හැටියට හුවා දක්වන්න තරම් ජනතා විමුක්ති පෙරමුණ බංකොළොත් වුණේ ඇයි කියන්න මම දන්නේ නැහැ. ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළෙන් අපි දැනට කරගෙන යන සියලු දේ සඳහන් වෙනවා.
ලෝකයේ හැම රටකම බලාපොරොත්තු වෙන්නේ ආර්ථික වශයෙන් ශක්තිමත් හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් පරිසරයක්. දැන් හොඳ ජීවිතයක්, ලස්සන රටක් හදන්න යන්නේ මේ රට සම්පූර්ණයෙන්ම ආර්ථික වශයෙන් විනාශ කරපු කණ්ඩායම”.