මේ වසරේ මාර්තු 16 දා වන විට ශ්‍රී ලංකාවට සංචාරකයන් 613 728ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ජනවාරි මාසයේදී සංචාරකයන් 252 761ක්, පෙබරවාරි මාසයේදී සංචාරකයන් 240 217ක් හා මාර්තු මස 01 දා සිට 16 දා දක්වා සංචාරකයන් 120 750ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
මේ වසරේ ජනවාරි හා පෙබරවාරි මාසවලදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 2018 වසරේදී ජනවාරි හා පෙබරවාරි මාස වලදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් ප්‍රමාණය ඉක්මවා පැමිණ තිබේ.
2018 වසර ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණි වසර වෙයි.