ගතවූ මාසය තුළ පොල් ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් මිලියන 19,131ක ආදායමක් මෙරට උපයා තිබේ.පොල් සංවර්ධන අධිකාරිය විසින් පොල් ආශ්රිත නිෂ්පාදන හා අපනයන ආදායම් පිළිබඳ නිකුත් කරන මාසික වාර්තාවේ මේ බව දක්වා ඇති අතර, සමස්තයක් ලෙස ගත් කල ශ්‍රී ලංකාවේ පොල් අස්වැන්න ඉහළ යාම මත අපනයනය ද ඉහළ ගොස් ඇති බවද සඳහන්ය.
ඒ අනුව පොල් තෙල් අපනයනය ඉහළ ගොස් ඇති අතර, එමගින් උපයන ලද ආදායම රුපියල් මිලියන 539කි. එහිදී පොල්තෙල් මෙට්‍රික් ටොන් 767ක් අපනයනය කර තිබේ. එහි වර්ධනය 2023 මාර්තු මාසයට සාපේක්ෂව 84%කි.
පිටි කළ පොල් කිරි අපනයනය ද ගතවූ මාසය තුළ ඉහළ ගොස් ඇති අතර, ඉන් රුපියල් මිලියන 1587ක් උපයා තිබේ. අපනයනය කරන ලද පිටි කළ පොල් කිරි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1153ක් වන අතර එය 2023 මාර්තු මාසය හා සසඳන කල 93%ක වර්ධනයකි.
පොල් ක්‍රීම් අපනයනය ද එම මස ඉහළ ගොස් තිබේ. ඒ අනුව එමගින් උපයන ලද ආදායම රුපියල් මිලියන 1,390කි. අපනයනය කරන ලද පොල් ක්‍රීම් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 2,619ක් වන අතර, එම ප්‍රමාණය 2023 මාර්තු මාසය හා සසඳන විට 88%ක වර්ධනයක් පෙන්නුම් කරයි.
මේ අතර මාර්තු මාසයේ දී උද්‍යාන වගාව සඳහා කොහුබත් මෙට්‍රික් ටොන් 38,065ක් අපනයනය කර ඇත. එමගින් උපයන ලද ආදායම රුපියල් මිලියන 5725ක් වන අතර, 2023 මාර්තු මාසය හා සසඳන විට එම ප්‍රමාණය 29%ක වර්ධනයකි.
පොල් කටු සක්‍රිය කළ කාබන් මෙට්‍රික් ටොන් 5,707ක් අපනයනය කිරීම මගින් 2024 මාර්තු මාසයේ උපයා ඇති ආදායම රුපියල් මිලියන 4,430කි. එය ප්‍රතිශතයක් ලෙස 32%ක ඉහළ යාමක් බව සඳහන්ය.
එසේම පොල් කිරි අපනයනය මගින් පසුගිය මාර්තු මාසයේ දී රුපියල් මිලියන 3122ක මුදලක් උපයා ඇති අතර, අපනයනය කරන ලද පොල් කිරි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 7,059කි. එය 2023 මාර්තු මාසයට සාපේක්ෂව 49෴ක ඉහළ යාමකි.දිසිදි පොල් අපනයනය මගින් මාර්තු මාසයේ දී උපයා ඇති ආදායම රුපියල් මිලියන 2,378කි. එම මාසය තුළ අපනයනය කරන ලද දිසිදි පොල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3592ක් වන අතර වර්ධනය 30෴කි.