අඹුසැමි ආරවුලක් දුරදිග යාමෙන් මාමා විසින් මෝල්ගසකින් පහර දීමෙන් බෑනා මියගොස් තිබෙන බව බලංගොඩ පොලිසිය සදහන් කරයි.
පසුගිය 11 සිකුරාදා රාත්රි 7 ට පමන මෙම පහරදීම සිදු වී තිබෙන්නේ බලංගොඩ දාමහන ප්රදේශයේ මරනකරුගෙ නිවස මරන කරු සිය බිරිද සමග රණ්ඩු වන අතර බිරිදගේ පියා විසින් සිය දියනිය බේරා ගැනීමට කොසු මිටෙන් සහ මෝල්ගසෙන් පහර දීම නිසා මෙම මරනය සිදුව ඇතැයි මුලික පොලිස් විමර්ශන වලදී හෙලිව තිබේ.මෙසේ මියගොස් තිබෙන්නේ මීගහවෙල ලේකම්ලාගේ විජය කුමාර 44 හැවිරිදි තිදරු පියෙකි.
හිස්කබලට හා පාදයේ අස්තිවලට පහරදීම නිසා ලේ වාහනය වීමෙන් මෙම මරනය සිදුව ඇතැයි පශ්චාත් මරන පරික්ෂනයේ දි හෙලිව තිබේ.සිද්ධිය පිළිබදව සැකපිට ඔහුගේ මාමා (බිරිදගේ පියා) අත්අඩංගුවට ගෙන අධිකරනයට ඉදිරිපත්කර තිබෙන අතර සැකකරුගේ රෝගි තත්වයක් හේතුවෙන් මේ වනවිට බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව මත බලංගොඩ රෝහලේ ප්රතිකාර ලබයි.බලංගොඩ මූලස්ථාන පොලිස් පරික්ෂක ප්රධාන පොලිස් පරික්ෂක ජයකොඩි මහතාගේ මෙහෙයවිම පරිදි වැඩිදුර පරික්ෂන පවත්වය.