මේ දිනවල මාදු ගගේ කකුළුවන් කිලෝග්රෑම් එකක් රුපියල් දොළොස් දහසකට අලෙවි වන බව මාදු ගගේ ධීවරයෝ කියති.
සිය රැකියා ඉතිහාසයේ මේ තරම් ඉහළ මිලකට කකළුවන් කිලෝග්රෑම් එකක් අලෙවි නොවූ බවද ඔවුහු කියති.
වෙනදා රුපියල් දහකට දෙදහකටවත් කිලෝග්රෑම් එකක් අලෙවි කර ගැනීමට නොහැකිව තිබූ කකුළුවන් කිලෝග්රෑම් එකක් මේසා වාර්තාගත ලෙස ඉහලයාම තමන් සිහිනෙකින්වත් නොසිතූ බව ද ධීවරයෝ කියති.
විදේශකයින් මෙරටට පැමිණීමේ සීඝ්රතාව ඉහළ යාමත් සමගම මෙසේ කකලුවන් මිල ඉහල ගොස් සිටින බව ද ධීවරයෝ කියති
නෙලාගන්නා කකුළුවන් අස්වැන්නම අලෙවි කිරීමට කිසිම බාධාවක් නැති බවත් එහෙත් ඉල්ලුම තරමටම කකළුවන් දීගැනීමට තමන් අපොහොසත්වී ඇති බවත් ඔවුහු කියති.
කකුළුවන්ගේ මිල ඉහළයාමට සමගාමීව කකුළු අස්වැන්න නෙල ගැනීමට මාදු ගගට එන ධීවරයින්ගේ ප්රමාණයද දැන් දැන් ඉහළ යමින් තිබෙන බද ද කියති.