ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට 2024 වසරේ මානසික ගැටලු සම්බන්ධව විසඳුම් ඉල්ලා දුරකථන ඇමතුම් 78000 ක් පමණ ලැබී ඇතැයි මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ මනෝ වෛද්‍ය පුෂ්පා රණසිංහ ප්‍රකාශ කරයි.
විසඳුම් ඉල්ලා රටේ විවිධ ප්‍රදේශවලින් ලැබුණු මෙම දුරකථන වලින් හෙළි කළ කරුණු අතර ගෘහස්ථ හිංසන, සයිබර් අපරාධ, ලිංගික හිරිහැර, මත්ද්‍රව්‍ය ගැටලු, ඖෂධ සම්බන්ධ ගැටලු, ලිංගික සංක්‍රාන්ති සම්බන්ධ ගැටලු, අධ්‍යාපනය සම්බන්ධ ගැටලු, ප්‍රධාන වෙයි.
මෙම ගැටලුවලින් අද වන විට 26000 කගේ පමණ ගැටලු විසඳා ඇති බව. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ මනෝ වෛද්‍ය පුෂ්පා රණසිංහ සඳහන් කරයි.
අන්තර් ජාලය ඔස්සේ සිදුවන බලපෑම් හේතුවෙන් මානසික ගැටලුවලට මුහුණදීමට සිදුවූ පුද්ගලයන් වැඩි පිරිසක් ද එම ගැටලුවලට විසඳුම් ඉල්ලා ජාතික මානසික සෞඛය විද්‍යාතනයේ 1926 දුරකථන අංකයට ඇමතුම් ලබා දී ඇත.
මෙම පුද්ගලයන්ගේ ගැටලුවලට අවශ්‍ය මැදිහත්වීම් මානසික සෞඛ්‍ය විද්‍යාතනය, hithawathiya.com ආයතනය සමග සම්බන්ධ වී විසඳුම් ලබාදීමට කටයුතු කර තිබේ. විශේෂයෙන් වයස අවුරුදු විස්සට වැඩි පුද්ගලයන් මෙම ගැටලුවලට වැඩි වශයෙන් මුහුණ දී ඇති බවද විශේෂඥ මනෝ වෛද්‍ය පුෂ්පා රණසිංහ සඳහන් කරයි.
කමල් ශ්‍රී ලියනගේ