මාතලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ පුද්ගලික සහකාර තනතුරේ රාජකාරි ඉටුකරමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.පී.එම්.එල්.බී මොලගොඩ මහතා අනතුරට ලක්කර පලාගිය කාර් රථයේ රියදුරු මාතලේ පොලිස් වසමේ උකුවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අනතුරින් සුසුම්නාවට බරපතල හානි සිදුවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්විය.
සිසිටිවි දර්ශන සහ අනෙකුත් හෝඩුවාවන් ඇසුරෙන් මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සහ මාතලේ පොලිස් ස්ථානය විමර්ශන සිදුකර15 වන දින වයස අවුරුදු 46 ක් වන සැකකාර රියදුරු දුම්කොලවත්ත, මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර අනතුරෙන් පසු අදාල කාර් රථය සැඟවීමට ආධාර අනුබල දුන් වයස අවුරුදු 48 ක් වන කලල්පිටිය,උකුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු පිළිබඳව අනාවරණය වීමෙන් මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් එම සැකකරුද කාර් රථය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.පී.එම්.එල්.බී මොලගොඩ මහතා රිය අනතුරට ලක්වූයේ 14 වන දින ව්‍යායාම සිදුකිරීම සඳහා අළුයම 05.30 ට පමණ නිවසින් පිටව ගොස් සිටියදී වත්තේගම නගරයේදීය. සැකකරුවන් සම්බන්ධව ඉදිරි විමර්ශන මාතලේ මුලිස්ථාන පොලිසිය මගින් සිදුකරයි.
මාතලේ මහේෂ් කිර්තිරත්න