මාතලේ දිස්ත්රික්කයේ වී වගාව වෙනුවට ප්රදේශ රැසක අතුරු බෝග රැසක් වගාකර ඇතැයි ගොවි සංවිධාන කියයි.
වැසි තත්ත්වයේ වෙනස්වීම් සහ කෙටිකාලින භෝග වලින් වැඩි අස්වැන්නක් අපේක්ෂාවෙන් ගොවිහු අතුරු භෝග වගාකර තිබේ.
එළවළු වලට අමතරව මාතලේ දිස්ත්රික්කයේ ප්රදේශ රැසක බඩඉරිගු වගා කර ඇති අතර ගොවින් පවසන්නේ සිය වගා මේ වන විට හොද තත්ත්වයේ පවතින බවයි.
මේ වන විට පලදාව අපෙක්ෂාවෙන් පවතින හා ඒ ආසන්නයට පැමිණි බඩඉරිගු වගාවන් රැසක් ප්රාදේශිය ලේකම් කොට්ඨාශ රැසක දක්නට ලැබෙයි.
වී වගාවට අමතරව සිදුකර ඇති වගා අතර නාඋල,පල්ලේපොල,ලග්ගල හා විල්ගමුව ආදී ප්රදේශ වල බඩඉරිගු වගා දැක ගත හැකිය.
ඡායාරූපයෙන් දැක්වෙන්නේ නාඋල - අරන්ගල වෙල්යායේ බඩඉරිගු වගාකර ඇති අයුරුයි.
නාඋල - ඉන්දික අරුණ කුමාර