මාතලේ අධ්‍යාපන කලාපයේ පාසල් පහකින් කොවිඩ් 19 ආසාදිත පාසල් සිසුන් 13 දෙනෙකු අද (27) දහවල් වන විට වාර්තා වි ඇති බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා විජයන්ති ජයසුරිය මහත්මිය පැවසුවාය.
වැඩිදුරටත් අදහස් දැක්වු අධ්‍යක්ෂවරිය කියා සිටියේ කිරිමැටියාව මහානාම විද්‍යාලය, තැන්න මහා විද්‍යාලය, මාතලාපිටිය විද්‍යාලය, මුවන්දෙණිය විද්‍යාලය, කයිකාවල ප්‍රාථමික විද්‍යාලය යන විදුහල්වලින් මෙසේ කොවිඩ් ආසාදනය වි ඇති සිසුන් හමුවි ඇති බවය.
කොවිඩ් 19 ආසාදිතයින්ගේ ආශ්රිත පාසල් සිසුන් 101 දෙනෙකු පිසිආර් පරික්ෂණවලට ලක් කර ඇති බවත් සිසුන් 82 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇති බවත් අනධ්‍යන කාර්ය මණ්ඩලය අයෙකුට හෝ ගුරුවරයකුට කොවිඩ් 19 ආසාදනය වි නොමැති බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.
රත්තොට රුවන් ධනංජය