මාතර බන්ධනාගාරය තුල ඊයේ (04) සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී රැදවියන් සගවා ගෙන තිබු බව කියන ජංගම දුරකතන 19 ක් හා උපාංගද අයිස් මත්ද්‍රව්‍ය පැකට් 07 ක්ද සොයාගත් බව බන්ධනාගාර ප්‍රකාශකයකු පැවසීය.
බන්ධනාගාරයේ වාට්ටු තුනක තිබී ඒවා හමුවී ඇත. ඊට අමතරව ජංගම දුරකතන බැටරි 18 ක් සිම්පත් 09 ක්ද සොයා ගෙන තිබේ.
මාතර බන්ධනාගාරයේ අධිකාරී මංගල වැලිවිටිය මහතාගේ දැනුම්දීම මත කොලඹ බන්ධනාගාර මූලස්ථානයේ විශේෂ විමර්ශන කණ්ඩායමක් පැමිණ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම දියත් කර තිබෙන බව දැනගන්නට ඇත.
කිසිවෙකුටත් නොදන්වා ක්ෂණිකව මෙම සෝදිසිය සිදු කිරීම නිසා එය සාර්ථකවු බව කියති.
එම ජංගම දුරකථන හා උපාංගද මත්ද්‍රව්‍ය පැකට් බන්ධනාගාරය තුලට රැගෙන ආ ආකාරය සෙවීම සදහා පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
බන්ධනාගාර මූලස්ථානය මේ පිළිබඳව වැඩිදුර පරික්ෂණ මෙහෙයවති.
ක්‍රිෂාන් ජීවක ජයරුක්