පොලිසිය සමග ඇති වු වෙඩි හුවමාරුව කදි මියගිය මාකඳුරේ මධූෂ් නැමැති පාතාල නායකයාගේ ඡායාරූපයක් සහිත බැනරයක් මහරගම ගොඩිගමුව " නිදහසේ නවාතැන" සූසාන භූමිය ඉදිරිපිට ආරක්ෂක තාප්පයේ ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දුව මහතා පැවැසීය.
මේ වන විට එම බැනරය පොලිස් භාරයට ගෙන ඇති බවත් එය සූසාන භූමියේ ආරක්ෂක තාප්පයේ ප්‍රදර්ශනය කල පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බැලීමේ විමර්ශන කටයුතු මහරගම පොලීසිය මගින් සිදු කරනු ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
" අපේ අයියේ...... එක එක්කෙනා එවනවා - අපි එනකම් බලාගන්න.... යනුවෙන් මධුෂ් ගේ ඡායාරූපයට දකුණු පසින් සටහන් කර
පහතින් කේ පි අයි යනුවෙන් ඉංග්‍රීසි අකුරු තුනක් සටහන් කර එම බැනරය ප්‍රදර්ශනය කර තිබිණි
ඉකුත් 8 වෙනිදින අතුරුගිරිය ටැටු කලාගාරය තුළදී ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය සඳහා යොදාගත් ටි 56 ජීව උන්ඩ වල ද සටහන්ව තිබූනේ කේ පි අයි යනුවෙනි
මාකඳුරේ මදුශ් අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ වෙත ඔත්තුව ලබා දුන් පළමු පුද්ගලයා ලෙස ක්ලබ් වසන්ත හඳුනාගෙන ඝාතනය කළ බව ප්රංශයේසිටින කන්ජි පානි ඉම්රාන් පවසා ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් කියවිණි.