රට තුළ දරුණු ආර්ථික අර්බුදයක් පවතින අස්ථාවක කිසිඳු පාර්ශවයකට නොදන්න මහ බැංකුවේ සේවයකයන් සිය වැටුප සියයට 70කින් පමණ වැඩි කිරීමට ගත් තීරණය නිසා මතුව ඇති ගැටලුකාරී තත්ත්වය සාකච්ඡා කිරීම සඳහා අද පැවැත්විමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීම සඳහා මහ බැංකුවේ ඉහළ නිලධාරින් කැඳවා ඇතැයි වාර්තා වෙයි.
මහ බැංකු නිලධාරින් ගත් මෙම තිරණය රට තුළ මහත් ආන්දෝලනයකට ලක්වූ අතර පක්ෂ විපක්ෂ මන්ත්රීවරුන් මේ සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළේය.
මීට අමතරව මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහ බැංකු ප්රධානීන් හෙට (05) දිනයේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවීමටද නියමිතය.