එක් එක් ආයතන නිෂ්පාදනය වැඩිකර ගැනීම සඳහා වෘත්තීය සමිති සමග සාමුහික ගිවිසුම් ඇතිකර ගන්නා බවත්, එහෙත් එහිදී එක් එක් ආයතන අනුගමනය කරන සූත්ර වෙනස් බවත්, මහා බැංකුවේ සේවකයන් වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සකසන වාර්තාවේදී ඒ ගැන අවධානය යොමුකරන බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්රකාශ කළේය.
මහා බැංකුව සම්බන්ධයෙන් පමණක් නොව අනෙකුත් බැංකු ගැනද එහිදී අවධානය යොමුකරන ලෙස පැවසූ අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා, ඒ සියලු තොරතුරු සලකා බැලූ වාර්තාවක්, පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවෙන් බලාපොරොත්තු වන, එහි සභාපති පා. ම. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වෙත සඳහන් කළේය.
මේ ප්රශ්නය පාර්ලිමේන්තුව හැටියට විසඳා ගනිමු, යනුවෙන්ද ඔහු කියා සිටියේය.ඔහු මේ බව කියා සිටියේ, අග්රාමාත්යවරයාගෙන් අසනු ලබන ප්රශ්න යටතේ පා.ම.එස් එම් මරික්කාර් මහතා, 2024.03.06 දින විමසූ ප්රශ්නයකට පිළිතුරු දෙමිනි.
වෙනවා."