හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, ඩබ්ලිව්. ඒ. ලක්ෂ්මන් සහ හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර් ආටිගල යන මහත්වරුන්ට රටින් පිට වීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.
මහජන ක්‍රියාකාරිකයකු වන චන්ද්‍රා ජයරත්න මහතා, ප්‍රසිද්ධ පිහිනුම් ක්‍රීඩකයෙක් වන ජූලිං බෝලිං ඇතුළු තිදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (12දා) මෙම මෝසම ඉදිරිපත් කර තිබේ. මෙම මෝසම අනිද්දා (14) සලකා බැලීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.
මුර්දු ප්‍රනාන්දු, ගාමිණි අමරසේකර සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (12දා) සලකා බැලිණි .