හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙතෙක් කල් වැරදි තීන්දුවක් අරගෙන නැති බවත් ජනාධිපති අපේක්ෂකයෙකු තෝරාපත් කර ගැනීමේ අවස්ථාවේදී ද ඔහු එවැනි වැරදි තීන්දුවක් නොගනු ඇති බව තමන් විශ්වාස පළ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා 29 දින පෙරවරුවේ පැවසීය.
ගල්කිරියාගම ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක් විවෘත කිරීම සඳහා පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවේදීන් සේමසිංහ මහතාගේන් ජනාධිපති මැතිවරණය පිළිබඳව විමසීමේ දී ඔහු මේ බව පැවසීය.
දැඩි අර්බුදයක පැවති අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතාට රට භාරදී රට සන්සුන් කිරීමට හිටපු ජනාදීධිපතිවරයාට හැකි වූ බවත් ඒ අනුව ඉදිරි මූල්‍ය කළමනාකරණය සඳහා ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ යුතු බවදය අමාත්‍යවරයා සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූයේ සේමසිංහ මහතා කියා සිටියේ මෙම ජනාධි පතිවරණය තීන්දු කෙරෙන්නේ 2022 වසර වල තිබුණු තත්ත්වයට ගමන් කරනවා ද එසේත් නොමැති නම් මෙම නව පාලනය යටතේ රට ස්ථාවරව පවත්වාගෙන යනවාද යන්න පමණක් බව හෙතෙම සඳහන් කළේය