අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) දැරූ ධුර වලින් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
දුමින්ද දිසානායක පක්ෂයේ ජාතික සංවිධායකවරයා වූ අතර අමරවීර ඇමැතිවරයා ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරය දැරීය. ලසන්ත අලගියවන්න මහතා පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළේය.
පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැදවා තිබූ විශේෂ රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත.
කේ.පී. ගුණවර්ධන මහතා ජාතික සංවිධායක ලෙසත්, භාණ්ඩාගාරික ලෙස හෙක්ටර් බෙත්මගේ මහතාත් , ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස සරත් ඒකනායක මහතාත් පත්කර තිබේ.