කොලොන්නාව ඛනිජ තෙල් පර්යන්ත නිමාවේ සිට කෙළවරපිටිය යුගදනවි විදුලි බලාගාරය වෙත බවුසර් මගින් රැගෙන එනු ලබන දැවී තෙල් මහා පරිමාණයෙන් සොරකම් කිරීමක් ඉකුත් 05 දා හසු කර ගැනීමට ඛනිජ තෙල් පර්යන්ත (CPSLT) විමර්ශන නිලධාරීන්ට හැකිව තිබේ.
ලංකාවේ දෙවන විශාලතම විදුලි බලාගාරය වන යුගදනවි බලාගාරයේ ටර්බයින ක්‍රියා කරවීම සඳහා අවශ්‍ය දැවිතෙල් කොලොන්නාව තෙල් නිමාවේ සිට බවුසර් මගින් යුගදනවි බලාගාරය වෙත ප්‍රවාහනය කරනු ලබයි. මෙසේ රැගෙන එනු ලබන දැවි තෙල් සහිත බවුසරයක දැවිතෙල් ලීටර 16000 ක් අඩු බව නිරීක්ෂණ කල යුගදනවි පාලනාධිකාරිය ඒ පිළිබඳ තොරතුරු කොලොන්නාව තෙල් නිමාවේ නිලධාරීන් ට දන්වා තිබේ.
ඒ අනුව විමර්ශන ආරම්භ කල (CPSLT) නිලධාරීන් බෝපිටිය ප්‍රදේශයේ ඇති පෞද්ගලික රථ අංගනයක් තුළ දී දැවිතෙල් රැගෙන පැමිණෙන බවුසර් වල ඇති දැවිතෙල් වෙනත් බවුසර් වලට ඇද මෙම මහා පරිමාණ දැවිතෙල් සොරකමක සිදු කරන බව අනාවරණය කර ගෙන තිබේ.
එම තොරතුරු ඔස්සේ අදාළ බවුසර් අංගනයට පැමිණි නිලධාරීන් සොරකමට සම්බන්ධ එක් බවුසරයක් අත් අඩංගුවට ගෙන ඇත. මෙම දැවිතෙල් සොරකමක සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු ඛනිජ තෙල් ගබඩා පර්යන්ත විමර්ශන නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.
ප්‍රසංග පෙරේරා