කොළඹ අලුත්කඩේ සිවිල් අභියාචනාධිකරණයේ මහාධිකරණ විනිසුරුවරයෙකුගේ කිරුළපන ශ්රී සිද්ධාර්ථ මාවතේ දෙමහල් නිවසින් රුපියල් 271500/= දේපළ සොරාගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි කිරුළපන පොලිසිය කියයි.
සොරාගෙන ගිය දේපළ අතර රුපියල් 250000/= වටිනා BlANCHI වර්ගයේ පාපැදියක් , රුපියල් 20000/= වටිනා අත් දිග කමිස දෙකක් හා මුදලින් රුපියල් 1500 ක් සොරකම් කර ඇති බවට පැමිණිල්ලේ සඳහන් වේ
මෙම මස 14 වෙනි දිනත් 16 වෙනි දිනත් අතර කාලය තුළදී මෙම සොරකම සිදුවී ඇති බව මහාධිකරණ විනිසුරුවරයා ඊයේ 17 වෙනි දින කරන ලද පැමිණිල්ලේ සඳහන් වන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. කිරුළපන පොලිසිය පරීක්ෂණ පවත්වයි