උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීමේ කටයුතු හෙට (07දා) පස්වරුවේ ආරම්භ කිරීමට නියමිතය.
ඉන්දීය ණය ආධාර යටතේ මෙම සංවර්ධන කටයුතු ආරම්භ කරන අතර ඉන්දීය මහ කොමසාරිස් හා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සංවර්ධන කටයුතු ඇරඹෙයි.