උතුරු දුම්රිය මාර්ගයේ ඉන්දීය ආධාර මත සංවර්ධනය කළ මහව-ඕමන්තේ දුම්රිය මාර්ගය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ජනපති අනුර කුමාර දිසානායක මහතා එක්ව අනුරාධපුරයේදී විවෘත කරනු ලැබීය.
එසේම මහව-අනුරාධපුරය කොටස සඳහා වැඩි දියුණු කරන ලද සංඥා සහ විදුලි සංදේශ පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා වන ව්‍යාපෘතිය ද ඔවුන් විසින් දියත් කරන ලදී.
ශ්‍රී ලංකාව සංවර්ධනය කරා යන ගමනේ විවිධ පැතිකඩ සඳහා සහය වීම ඉන්දියාවට ආඩම්බරයක් බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසයි.



