2024 පොසොන් උත්සවය හේතුවෙන් මහව දුම්රිය ස්ථානය දක්වා විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. උතුරු දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් මේ වන විට එම මාර්ගයේ දුම්රිය ධාවනය මහව දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා වී තිබේ.
දුම්රියෙන් මහවට ගමන් කිරීමෙන් අනතුරුව මහව සිට විශේෂ බස් රථ සේවාවක් ක්රියාත්මක කරමින් වන්දනාකරුවන් අනුරාධපුරය දක්වා රැගෙන යාමට සැලසුම් කර තිබේ. මීට අමතරව අනුරාධපුරය සිට මිහින්තලය දක්වාද විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.