2018 මහනුවර ඇසළ පෙරහැර ක්‍රියාත්මක වන කාල වකවානුව මහනුවර නගර සීමාව තුළ පිහිටි මස් මාංශ වෙළඳසැල් සහ සුරාසල් වසා දැමීමට පෙරහැර සංවිධායක කමිටුව විසින් ඒකමතිකව තීරණය කොට ඇත.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතාගේ සංවිධායකත්වයෙන් පැවති පෙරහැර සංවිධාන කමිටුවේදී මෙම තීරණය ගෙන තිබෙන අතර, ප්‍රථම කුඹල් පෙරහැර ආරම්භ කෙරෙන අද දින (16) වැනි දින සිට පෙරහැර සමාප්ති උත්සවය පවත්වන කාල සීමා දක්වා (26 දක්වා) මහනුවර නගර සීමාව තුළ පවත්වාගෙන යන සියළු මස් කඩ මේ අනුව වසා තැබෙන අතර මහනුවර නගර සීමාවේ මාළු වෙළඳ සැල් ආගොස්තු 24 සිට 26 දක්වා වසා තැබේ.
පෙරහැර කාල සීමාව තුළ පෙරහැර නැරඹීම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පාරිභෝගික අයිතින් ආරක්ෂා කර දීම සඳහා පාරිභෝගික සේවා අධිකාරියේ විශේෂ වැටලීම් අංශයක් යෙදවීමටද කටයුතු යොදා ඇති අතර, ඒ පිළිබඳ පැමිණිලි වෙතොත් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පාරිභෝගික සේවා අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාලයට පැමිණිලි කළ හැකිය.
පෙරහැර කාල සීමාව තුළ පෙරහැර නැරඹීම සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ගමනා ගමන මණ්ඩලය බස් රථ 700 ක් පමණ යෙදවීමට කටයුතු යොදා ඇති අතර, පෞද්ගලික බස් රථ 400 ක් පමණ යෙදවීමට ප්‍රවාහන අධිකාරිය කටයුතු යොදා ඇති බවත් රන්දෝලි පෙරහැර ආරම්භ වීමත් සමග මාතලේ සහ නාවලපිටිය දක්වා අවශ්‍යතාවය අනුව දුම්රිය යෙදවීමට කටයුතු යොදන බවද සඳහන්.
2018 අගෝස්තු 12 වැනි දින කප් සිටුවීමත් සමග ආරම්භ කළ මහනුවර ඇසළ පෙරහැර 26 වැනි දින පැවැත්වෙන දවල් පෙරහැරින් පසු අවසන් වීමට නියමිතය.