මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාලිගයේ අවසන් රන්දෝලි පෙරහර වීදී සංචාරය කරන අද (19) දින දිවයිනේ නන් දෙසින් පැමිණි විශාල නරඹන්නන් පිරිසක් පෙරහැර නැරඹීමට හා ආශිර්වාද ලබා ගැනීම සඳහා වීදී දෙපස පෙළ ගැසී සිටින අයුරු දක්නට ලැබිණී.
මෙවර පෙරහර සඳහා දේශීය සංචාරකයින්ට අමතරව විදේශීය සංචාරකයින් ද විශාල පිරිසක් දක්නට ලැබීම සුවිශේෂි තත්ත්වයකි.
නිකිණි පොහොය දිනය යෙදි තිබිම නිසා රජයේ නිවාඩු දිනයක් බැවින් දළදා මාලිගාව වැඳ පුදා ගැනීමටත් පෙරහැර නැරඹීමටත් ඉතා විශාල පිරිසක් පැමිණ සිටි අතර, පෙරවරුවේ සිට පැමිණී ජනතාව මෙසේ වීදී දෙපස රැස් වී සිටිනු දක්නට ලැබිණි.
එසේ පැමිණි පිරිස් සඳහා විවිධ සංවිධාන හා පුද්ගලයින් විසින් සිසිල් බීම, තේ පැන්, කඩල, බත් හා පාන් දන්සැල් ද සංවිධානය කර තිබිණි.
අවසන් රන්දෝලි පෙරහැර රාත්රී 6.57ට යෙදෙන සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව පෙරහර පිටත්ව ශ්රී දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදියෙන් හැරී ඩී.එස් සේනානායක වීදියේ ගමන්කර රජ වීදිය ඔස්සේ ඉහළටවිත් පෙරහර ගෙවදීමට නියමිතව තිබේ.
දුම්බර - එම්.ආර්. ප්රදීප්