අයිතිකරුවන්ටතම අයිතිය නීතියානුකූලව පෙන්විය නොහැකි සැකකටයුතු රුපියල් කෝටි හයක් පමණ වටිනාඩිෆෙන්ඩර් රථයක් ප්‍රාඩෝ රථයක් සහඅශ්ව බල 1000යතුරුපැදියක්මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින්අත්අඩංගුවට ගෙන තිබේ .
මධ්‍යම පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට ලැබුණ පෞද්ගලිකතොරතුරකට අනුවඅස්ගිරිය ප්‍රදේශයේ තිබූඩිෆෙන්ඩර් රථයක්දඅකුරණ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු සන්තකයේ තිබූප්රාඩෝ රථයක් සහඅධිබල යතුරුපැදියඑසේ අත්අඩංගුවට ගෙන තිබේ .
ව්‍යාජ අංක තහඩු සවිකොට තිබූ බව කියන මෙමනවීන ජීප් රථ සහ යතුරු පැදියනීති විරෝධිව මෙරටට ආනයනය කරනමෝටර් රථද, එකලස් කරන ලදමෝටර් රථදඑසේත් නොමැති නම් සොරකම් කරන ලදමෝටර් රථද යන්න සම්බන්ධයෙන්පොලිසිය විමර්ශන ආරම්භ කොට තිබේ .
මෙම මෝටර් රථවල අයිතිකරුවන් බව කියන පුද්ගලයන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව පවසන පොලිසියමූලික විමර්ශනවලින් අනතුරුවසැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවද කියයි .
මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක, සහකාර පොලිස් අධිකාරිදයාල් ඉලංගකෝන්යන මහත්වරුන්ගේ උපදෙස් පරිදිකොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකතිලක් සමරනායකහා ප්‍රධාන පොලිස් පරීක්ෂක අරුණ ජයසිංහයන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරයි .