ගාල්ල යක්කලමුල්ල ප්රදේශයේදී පොල්වත්ත ගඟේ දියේ ගිලීමෙන් වයස අවුරුදු 11 සහ 14 යන වයස්වල පිරිමි දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව යක්කලමුල්ල පොලීසිය පවසයි. එම දරුවන් දෙදෙනා ඥාතීන් වන අතර ඔවුන් සිය මව්පියන් සමග ගඟේ දියනෑමට පැමිණි අවස්ථාවේ මෙම අනතුරට ලක්ව ඇත. දියේ ගිලී සිටි ගොඩට ගත් දරුවන් ඉමදූව රෝහල වෙත ඇතුළත් කරනවිටත් ඔවුන් මියගොස් ඇති බව පොලීසිය පවසයි. යක්කලමුල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.