පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත අම්බලන්ගොඩ පොලිස් වසමේ ආදාදොල ආවාස වත්ත ප්ර දේශයේදි මෝටර් රථයක් තුළ කපා කොටා ඝාතනය කර තිබූ පුද්ගල මළ සිරුරක් ඊයේ (25) සොයා ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මෙසේ ඝාතනය කොට ඇත්තේ තෙල් වත්ත මළවැන්න දකුණ පදිංචි 47 හැවිරිදි සිව් දරු පියකු තුසිත කුමාර නමැත්තෙක් බවද පොලිසිය කියයි.
ඝාතනයවූ තැනැත්තා අම්බලන්ගොඩ තල්ගස්ගොඩ අම්බලන්ගොඩ ඩිපෝව අසල නිව් රේමන් නමින් මල් ශාලාවක් පවත්වාගෙන යන අයෙක් වෙයි.
මේ පුද්ගලයා ඊයේ රෑ 9.30ට තිහට පමණ ඔහුට ලද දුරකථන ඇමතුමකට අනුව සිය මෝටර් රථයෙන් නිවසින් පිටව ගොස් තිබෙන බවත් එම දුරකථන ඇමතුම ලබා දී ඇත්තේ ඔහු යටතේ සේවය කරන සේවකයෙක් බවත් මියගිය අයගේ බිරිඳගේ මව පවසන බවද පොලීසිය කියයි.
සිය මෝටර් රථයේ රියදුරු අසුනේම තියුණු ආයුධයකින් කපා කොටා ඔහු ඝාතනය කොට ඇති බවද පොලීසිය කියයි. අම්බලන්ගොඩ පොලිසිය මේ පිළිබඳව වැඩි දුර විමර්ශන සිදුකරයි