මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට රජය ගත් තීරණය කුමන අන්දමකින්වත් වෙනස් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීම පිළිබඳ රජය ගත් තීන්දුව කුමන අන්දමේ විරෝධතා මතුවුව ද කි‍්‍රයාත්මක කිරීමේ තීරණය වෙනස් නොකරන බවද ජනපතිවරයා සඳහන් කළේය.
නීතිය, බන්ධනාගාර, අධිකරණ යන අදාළ ක්ෂේත්රවල ප්‍රධානීන්ගේ සාකච්ඡාවක් තමා විසින් ලබන අඟහරුවාදා කැඳවා තිබෙන අතර එහිදී එම සියලූ ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි කමිටුවත් පත් කරන බවත්, මරණීය දණ්ඩනය ලබාදිය යුතු පුද්ගලයින්ගේ නම් සහ එම දින වකවානු එම කමිටුව විසින් තීරණය කරනු ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ චීන රජයෙන් ලැබුණු පූර්ණ පරිත්‍යාගයක් අනුව පොළොන්නරුවේ ඉදිකෙරෙන චීන - ශී‍්‍ර ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට අද (21දා) පෙරවරුවේ එක් වෙමිනි.
සමාජය පරිහානියට ලක්වන තත්ත්වයක් තුළ නීති කි‍්‍රයාත්මක කිරීම ප්‍රමාද කිරීම සහ වැළැක්වීම කිසිසේත් සුදුසු නොවන බවද ඔහු පැවැසීය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීම පිළිබඳ විරෝධතා ඉදිරිපත් කරන කිසිවෙකු මෙම ව්‍යසනය වළක්වා ගැනීමට කිසිදු සහයෝගයක් ලබා නොදීම කණගාටුවට කරුණක් බව පැවසූ ජනාධිපතිවරයා මත්ද්‍රව්‍යවලින් රටට සිදුවන විනාශය වළක්වා ගැනීමට තමා සමග එක්වන ලෙස එම සියලු දෙනාට ආරාධනා කරන බව ද සඳහන් කළේය.
