අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන පිරිස් හා ඔහුට ඒරෙහිව කටයුතු කරන පිරිස් අතර අරලිය ගහ මන්දිරය අසළ නොසන්සුන්තාවක් ඇතිවිය.
අරලිය ගහ මන්දිරිය අසළ ස්ථාපිත කර තිබූ මයිනාගෝගමට පැමිණි අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන පිරිස මයිනාගෝගම විරෝධතාකරුවන්ට පහර දෙන්නට විය.
තත්ත්වය පාලනය කිරීමට පොලීසිය දැඩි වෙහෙසක් ගන්නා අයුරු දැකගත හැකි විය.