ශ්‍රී ලංකන් එයාර් ලයින් ආයතනය ප්‍රතිව්‍යුවහගත කළ පසු හොඳ ආයෝජකයන් පැමිණීමෙන් එම ආයතනයෙහි ප්‍රශ්න විසඳෙන බව වරාය හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා බදුල්ලේදී අද (29දා) පැවසීය.
කි.මී.1500 ක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉඹුල්ගොඩ සිට කොට්ටගහඅරාව මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම ආරම්භ කරමින් ඇමති වරයා මෙසේද පැවසීය.
"රජයට අභියෝග රාශියක් තියෙනවා.අපි රට ගැන කල්පනා කරනවා මිසක් ජනප්‍රිය දේශපාලනය ගැන කල්පනා කරන්නේ නැහැ.
දැන් අපි අන්තර් ජාතික මූල්‍ය අරමුදල එක්ක ගිවිසුමකට එළඹිලා තියෙතනවා.අපි ආදායම් බදු වශයෙන් එකතු කරගන්නා මුදල තමයි වියදම් කරන්න පුළුවන්. ඉස්සර වගේ සල්ලි අච්චු ගහන්න බැහැ.ඉස්සර වගේ වියදම් කරන්න බැහැ. කොයි ආණ්ඩුව ආවත් ඒ අය ඔය කියන කියන සෙල්ලම් කරන්න බැහැ.
අන්තර් ජාතික මූල්‍ය අරමුදල කියන නිර්නායක මත වියදම් කරන්න ඕන.ඒ නිසා රැවටෙන්න එපා . සජිත් ප්‍රේමදාස මහත්තය කියනවා. එයා බලයට ආවම අයි.එම්.එෆ් එක්ක අන්තර් ජාතික මූල්‍ය ආයතනය එක්ක කතාකරලා මේ කොන්දේසි වෙනස් කරනවලු.
මේ අයි.එම්.එෆ් එක ණය දෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේවත් සජිත් ප්‍රේමදාස මහත්තයගේවත් මූණ බලල නොවෙයි . ඒ සඳහා ඒ අයගේ නිර්නායක හා කොන්දේසි තියෙනවා.ඒවා පුද්ගලයන් අනුව රජය අනුව වෙනස් වෙන්නෙ නැහැ.ඒනිසා ඒවට රැවටෙන්න එපා.
අයි.එම්.එෆ් එක්ක ඇතිවෙන මේ ගිවිසුම් කඩා බිඳදැමුවොත් අපට පිටරටින් බඩු ටිකක් ගෙන්වගන්න ණයවර ලිපියක් අත්සන් කරගන්න බැහැ.
අපේ බැංකු පද්ධතිය පිළිගන්නේ නැහැ.රට දැඩි අගාධයකට මුහුණ පාලා පසුගිය අවුරුදු දෙක තුනේ තිබුණ තත්වයට වඩා බරපතළ නරක තත්වයකට යනවා.
අපි කැබිනට් මණ්ඩලයට ගියේ පෞද්ගලිකව අපට යමක් ලබාගන්න නොවෙයි.තමුන්නාන්සේලාට මේ වගේ පාරක් ලබා දෙන්න මට පුළුවන් වුණේ, සංවර්ධනය සඳහා මුදල් ගේන්න පුළුවන් වුණේ මම මේ ආණ්ඩුවේ පාර්ශ්වකාරයෙකු නිසයි.
නැතිනම් මමත් බෝඩ් එකක් අල්ලගෙන ඒක දීපියව් මේක දීපියව් කියල හිටිය නම් තමුන්නාන්සේලාට ලැබෙන ප්‍රතිපලයක් නැහැ.
දැන් කියනවා මේ වැට් බද්ද දාල මනුෂ්‍යයන්ට කන්න නැතිව මහ පාරේ මැරෙනවලු.අපි නම් එහෙම කිසිම කෙනෙක් දැක්කේ නැහැ.වැට් බද්දෙන් තමුන්නාන්සේලාට එහෙම අහේනියක් වෙලා තියෙනවද?
වැට් බද්ද දාපු නිසා තමයි ලක්ෂ එකසිය අසූවක් මේ පාරට දෙන්න ආණ්ඩුවට සල්ලි හම්බවුණේ.කාපට් කරන්න සල්ලි හම්බවුණේ. එහෙම නැතිනම් සජිත් ප්‍රේමදාස මහත්තය වගේ ඔය කාගෙන් හරි කීයක් හරි එකතු කරල ඉස්කෝලෙකට සුහුරු පන්ති කාමරයක් දීලා මේ මේ ප්රශ්නය විසඳන්න බැහැ. තමුන්නාන්සේලාට ඊට වඩා පුළුල් සංවර්ධනයක් අවශ්‍යයි .
බන්දුල ඇමතිතුමා මාර්ග සංවර්ධනයට ලක්ෂ 1500 ක් වෙන් කළා. ඒ මුදලින් තමයි මේ ව්‍යාපෘතියත් ක්‍රියාත්මක වෙන්නේ.
තමනුන්නාන්සේලා මට ඡන්දයක් දුන්නා. මාව බලයට පත්කළා. ඒනිසා තමයි අද බදුල්ල මහ රෝහලට මහාචාර්ය ඒකකයක් ලැබුණේ. තට්ටු 10 ක ගොඩනැගිල්ලකට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මට ලක්ෂ තිස්දහසක් දීලා තියෙනවා.
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය හදන්න සල්ලි දීල තියෙනවා. එන මාසේ මැදවෙනකොට ඌව වෙල්ලස්ස වෛද්‍ය පීඨයට ළමයි බඳවා ගන්නවා.
බදුල්ල මහ රෝහලේ ධාරිතාව තව ඇඳන් 1200 කින් වැඩි වෙනවා. ඒ නිසා මම ඔය සීනි බෝල ගේන සොච්චම් දේ කරන දේශපාලඥයෙක් නොවෙයි.
අපි දැන් රට හදාගෙන යනවා. ආර්ථිකය ශක්තිමත් වීගෙන යනවා ඒවායේ ප්රතිලාභ තමුන්නාන්සේලාට දෙන්න ඕන.
ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව සහ අනකුත් ආයතනවලින් තවත් මුදල් ලැබෙයි.එතකොට ඉදිරි සංවර්ධන කටයුතු කරල දෙන්න පුළුවන් වෙයි.
මම මුල්ගල් තබපු පාරක්, ආරම්භ කරපු ව්‍යාපතියක් පැළවෙලා නැහැ.හැම ව්‍යාපෘතියක්ම සාර්ථක වෙලා තියෙනවා.මේක මැතිවරණ බලාගෙන තියන මුල්ගල් නොවෙයි මැතිවරණත් එනවා. එතකොට ඒක බලාගමු."