පොලීසියෙහි දැවන්ත පරිවර්තනයක් සිදුකර ලංකාවෙන් සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය තුරන් කිරීම තම අධිෂ්ඨානය බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කරයි.සර්වාගමික වතාවත් මධ්‍යයේ පොලිස්පති ධුරය බාරගැනීමෙන් පසුව අද (29දා)පොලිස් මූලස්ථානයේදී ඔහු එසේ පැවසීය.ඉන් පසු මාධ්‍ය හමුවේ පොලිස්පතිවරයා මෙසේද පැවසීය.
"විවිධ අයට ඇඟිල්ල දික්කරලා චෝදනා කරන්න පුළුවන්. විවෙච්නය කරන්න පුළුවන්. නමුත් මට පැවරිච්ච රාජකාරිය මම ශ්‍රී ලංකා පොලීසිය වෙනුවෙන් මගේ ශක්ති ප්‍රමාණයෙන් ඉටු කර තිබෙනවා.
මම තරම් නින්දා අපහාසවලට, පහර කෑම්වලට ලක්වෙච්ච පොලිස් නිලධාරියෙකු පොලිස් සේවය තුළ ඉන්නවද කියලා ඉතිහාසය පිරික්සලා බලන්න. මට කරපු අභූත චෝදනා, නින්දා අපහාසවලින් තමයි මම ශක්තිමත්ව නැගී සිටියේ.
ඒ නිසා මතු අනාගතයේදී ශ්‍රී ලංකා පොලීසියේ අභියෝගවලට මුහුණ දීලා වැඩකරන නිලධාරීන්ට මගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් සේවය කරනවා. මගේ අධිෂ්ඨානය ලංකාවෙන් සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය තුරන් කිරීම. ඒ වෙනුවෙන් පොලීසියේ දැවන්ත පරිවර්තනයක් කරලා සැබෑ දක්ෂයන්ට ඉහළට එන්න අවශ්‍ය පරිසරය ඇති කිරීමට බලාපොරොත්තුරවෙනවා. සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස පොලීසියට බැඳිලා අවුරුදු 26 ක කාලය තුළදී සැම නිලයකම අත්දැකීම් ලබා ගනිමින් පොලිස්පති ධුරයට පත් වුණා."